සුහද පුර වෙබි අඩවියට ඔබ සැම සාදරයෙන් පිලිගනිමු


Wednesday, March 6, 2013

ලෝක වාර්තා තැබූ කඩු ගිලින්නෙකු අත්අඩංගුවට

කඩු ගිලීම හරහා ලෝක වාර්තාවක් ද පිහිටුවීමට සමත්ව සිටින “ස්පේස් කව්බෝයි” නම් අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයෙකු නිව්යෝර්ක් නගරයේදී සංදර්ශනයක් පවත්වන අතරතුර අත්අඩංගුවට ගෙන තිබේ. මුදල් ඉපයීමේ අරමුණින් තමන් නිව්යෝර්ක් නගරයේ වීදියක කඩු ගිලීමේ සංදර්ශනයක් පවත්වමින් සිටියදී මෙසේ පොලිස් අත්අඩංගුවට පත්වූ බව චේන් හල්ට්ග්‍රේන් නම් මෙම ඕස්ට්‍රේලියානු ජාතික තරුණයා සඳහන් කර තිබේ. එසේ ප්‍රසිද්ධ ස්ථානවල තියුණු ආයුධ සමග රැඳී සිටීම තහනම් බව සඳහන් කරමින් ඔහු වටා රැස්ව සිටි ප්‍රේක්ෂක ජනතාව ද ඉවත්කර එම පොලිස් නිලධාරීන් විසින් 33 හැවිරිදි චේන්ව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. ඔහු සතුව කඩු පොලිස් භාරයට ගෙන ඇති අතර පැය 24 ක කාලයක් සිරගතව සිටීමට ද ඔහුට සිදුව ඇත.

0 comments:

Post a Comment

රාජු suhadapura © 2008 Template by:
SkinCorner