සුහද පුර වෙබි අඩවියට ඔබ සැම සාදරයෙන් පිලිගනිමු


Wednesday, March 6, 2013

අභ්‍යවකාශයේ වැඩිම කාලයක් ගතකර නව වාර්තාවක්

පෘථිවියෙන් පිටතට ගමන් නොකර අභ්‍යවකාශ මෙහෙයුමක් වෙනුවෙන් වැඩිම කාලයක් ගතකිරීම තුළින් නවතම වාර්තාවක් පිහිටුවීමට රුසියානු අභ්‍යවකාශගාමීන් පිරිසක් සමත්ව තිබේ. අඟහරු ග්‍රහ ලෝකයේ ගවේෂණ චාරිකාවක සාධ්‍යතාවය පිළිබඳව විමසා බැලීම සඳහා සිදුකරන ලද මෙම පරීක්ෂණයේදී රුසියානු මොස්කව් නගරයේ රථ ගාලක නවතා තබන ලද විශේෂ කන්ටේනරයක දින 441 ක කාලයක් ගතකිරීමෙන් මෙම වාර්තාව පිහිටුවා ඇති බව සඳහන්ය. මීට පෙර දින 437 ක කාලයක් තුළ මෙවැනි මෙහෙයුමක් සිදුකිරීමෙන් තබා තිබූ වාර්තාව මේ අනුව බිඳවැටී ඇත. මෙම පරීක්ෂණයේදී අභ්‍යවකාශය සඳහා අවශ්‍ය තත්ත්ව ගොඩනගමින් අභ්‍යවකාශයේදී භාවිත කරන උපකරණ යොදාගනිමින් මෙම අභ්‍යවකාශ මෙහෙයුම සිදුකර ඇති බව වාර්තා වේ.

0 comments:

Post a Comment

රාජු suhadapura © 2008 Template by:
SkinCorner