සුහද පුර වෙබි අඩවියට ඔබ සැම සාදරයෙන් පිලිගනිමු


Wednesday, March 6, 2013

ලොව වයස්ගතම කත බ‍්‍රසීලයෙන්

ලොව වයස්ගතම කාන්තාව බ‍්‍රසීලයේ කක්සිනාවා ඉන්දියානු ගෝති‍්‍රක කතක් බව වාර්තා වේ.  මරීයා ලූසිමාර් පෙරෙයිරා නම් මෙම කාන්තාව 121 වියේ පසුවන බව ගෝති‍්‍රක අයිතීන් පිළිබඳව ඇමේසන් ප‍්‍රදේශයේ කි‍්‍රයා කරන ’සවයිවල් ඉන්ටර්නැෂනල්’ නම් ආයතනය පවසයි. මෙම කාන්තාව ඉපදී ඇත්තේ 1890 බව පෙන්වන උප්පැන්න සහතිකයක් ද ඇය සතු බව මෙම සංවිධානය කියයි. කෙසේ වෙතත් ගිනස් ලෝක වාර්තා සමාගම පවසන්නේ මෙම කාන්තාව පිළිබඳ තොරතුරු සිය ආයතනයේ වාර්තා නොවී ඇති බවයි. මේ වන විට ලොව වයස්ගතම කාන්තාව ලෙස ගිනස් ලෝක වාර්තා පොතේ ඇතුළත් වී ඇත්තේ 115 වියේ පසුවන ඇමෙරිකානු ජාතික කාන්තාවක් බව බෙසී කූපර් ය.

0 comments:

Post a Comment

රාජු suhadapura © 2008 Template by:
SkinCorner