

මම මුලින්ම කියන්න ඕන කාරුණිකව මෙම සටහන පෞද්ගලිකව භාර ගන්න එපා කියලා. දුම්පානයේ ආදිනව ඔබලාට පැහැදිලි කර දෙන්න තරම් ඔබලා පොඩි අය නොවෙන බවත් මම දන්නවා. ඒ වගේම ඔබලා දුම් බොන්නේ මගේ මුදලින් නොව, ඔබේ මුදල් වලින් බවත්, ඒ සම්බන්ධව මට කිසිම ගැටළුවක් නැති බව ඔබත්, මාත් දන්නා බවත් මම නැවත සඳහන් කරන්න කැමතියි. මොකද ඔය ප්‍රශ්න දෙකම දුම්වැටි ලෝලීන්, ඒ සඳහා විරුද්ධ වන්නන් වෙත නගන පොදු ප්‍රශ්න නිසා.
දුම්පානයේ ආදිනව උගත් බුද්ධිමත් ඔබ තුමන්ලා ඇත්තටම මටත් වඩා හොඳට දන්නවා. ඒත්, ඒ හානිය දැන දැනත් ඔබලා ඒකම නැවත නැවතත් කරන නිසා අපි ආපහු පොඩි මතක් කර ගැනීමක් කර ගනිමු.
සක්‍රිය දුම්පානයෙන්, (එනම් ඔබ විසින්ම කරන දුම් පානය)
1. දිගුකාලීනව පවතින කැස්ස හා ශ්වසන ආබාධ.
2. බ්රොන්කයිටිස් වැනි නිදන්ගත ශ්වසන රෝග
3. කොලෙස්ටරෝල් අසමතුලිතතාවය (නිකොටින් හේතුවෙන්) නිසා හට ගන්නා හෘදයාබාධ.
4. දීර්ඝ කාලීන ලිංගික බෙලහීනතාවය. (සහ පසුකාලීනව ඇති වන වඳ භාවය)
5. (දුම ආශ්වාස කිරීමෙන්) ශ්වසන පද්ධතිය ආශ්රිත පිළිකා,

6. මුඛ පිළිකා(දුම්කොළ හා වෙනත් රසායනිකයන් මුඛයේ ස්පර්ශ වීමෙන්),
7. පුරස්ථ ග්‍රන්ථි සහ ලිංගේන්ද්‍රිය ආශ්රිත පිළිකා,
8. හෘත් අකරණිය වැනි දරුණු රෝගී තත්ත්වයන්ද,
9. තොල්, දත් සහ මුඛය අවලස්සන වීම, නිතරම සිරුරින් දුගඳ වහනය වීම සහ
10. අන්‍යයන් විසින් පිළිකුල් කිරීම, දුම්බොන්නෙක්, කරදරකාරයෙක් ලෙස කොන් කිරීම වැනි සමාජමය ගැටළු ද ඇති වෙනවා.
ඒත්....

1. දිගුකාලීනව පවතින කැස්ස හා ශ්වසන ආබාධ.
2. කල්පවත්නා දරුණු හිසරදය සහ ඔක්කාරය
3. බ්රොන්කයිටිස් වැනි නිදන්ගත ශ්වසන රෝග
4. කොලෙස්ටරෝල් අසමතුලිතතාවය (නිකොටින් හේතුවෙන්) නිසා හට ගන්නා හෘදයාබාධ.
5. දීර්ඝ කාලීන ලිංගික බෙලහීනතාවය.
6. (දුම ආශ්වාස කිරීමෙන්) ශ්වසන පද්ධතිය ආශ්රිත පිළිකා,
7. ස්ථිර වඳ භාවය (කාන්තාවන්ගේ අවදානම වැඩි ය)
8. ගර්භණී මව්වරුන්ගේ කුස තුළ වැඩෙන කළලයේ සංකූලතා. (ආබාධිත දරුවන් බිහි වීම, නියමාකාරයෙන් නොවැඩුනු දරුවන් බිහි වීම, කළල ගබ්සා වීම)
9. අළුත උපන් දරුවන්ගේ ශ්වසන ආබාධ ඇතුළු විවිධ සංකූලතා.
10. ගර්භණී මව්වරුන් රෝගී තත්ත්වයට පත් වීම
11. සිගරැට් දුම හේතුවෙන් ඉතා අපහසුතාවයට සහ අප්‍රසන්නතාවයට පත් වීම
සහ
ඔබේ දුම්වැටියෙන් නිකුත් වන විෂ දුම් වලින් අළුතින්ම පිළිසිඳගත් කළලයක් (එනම් යුක්තාණුවක්) විනාශ වී යන බවත්, එය ප්‍රාණ ඝාත අකුසල් කර්මයක් බවත් ඔබ දන්නවාද?
මේ අයුරින් ඔබ, ඔබේ දුම්වැටිය තුළින් සමාජයට වින කිරීම, ඔබ සිදු කරගන්නා පාපයක් නොවේද? ඔබගේ හිතවතා, නෑයා, මිතුරා, එනම් තනිකමට, දුකට, පීඩනය බෙදා හදා ගැනීමට සිටින සදාදරණීය දුම්වැටිය නැවතත් දෙතොල’තරට සිර කර ගැනීමට පෙර නැවතත් සිතා බලන්න.
සමහරවිට ඔබගේ පෙම්වතිය, බිරිය, මව ඔබගේ දුම් පානයට උදළු දමනවා වෙන්නට පුළුවන්. ඇත්තෙන්ම එයාලා සාධාරණයි. ඒ වෙලාවට එයාලා දාන කෙස් පැලෙන තර්ක එක්ක ඔබට හැරෙන්නටවත් බැහැ. එයටත් ඔබ ළග Escape Key එකක් තියෙනවා. ඒ තමා දුම් පානයෙන් පසු දත් මැදලා, චුවින්ගම් එකක්, ටොපියක් එහෙම කාලා එයාල ලගට යන එක. එතකොට සිගරට් බිව්වා කියලා අහු වෙන්නෙ නෑ නේ....
ඒත් කවුද මේ ඔබ රවට්ටන්න හදන්නේ.... ඔබගේම ආදරණීය මාතාව.. දයාබර බිරිඳ.. පෙම්වතිය... ඒ කියන්නෙ ඔබගේ ජීවිතය, ආත්මය..ආදරය...මේ හැම දේම... එවිට බලන්න.... අවසානයේ රැවටී තිබෙන්නේ ඔබමයි.... ලැජ්ජයි නේද?
විවාහක ඔබ, ඒ ආදරයේ උත්තරීතර ඵලය එනම් දරු සම්පතක් අපේක්ෂා කරනවා.. කාලයක් බලා ඉන්නවා... බලා ඉන්නවා... තවත් ඉන්නවා... ඒත් ඒ වාසනාව නැහැ... සමහර විට ඔබ බිරිඳට ඇගිල්ල දිගු කරනවා වන්නට පිළිවන්, ඇය නිසරු ගැහැණියකැයි කියා.. ඒත්... නැවතත් ඔබේ අත දෙස බලන්නැයි කාරුණිකව ඉල්ලනවා. ඇගිළි තුනක්ම ඔබ වෙත යොමු වෙලා නේද? ඔබට දරු ඵල නැති වුණේ ඔබේ බිරිඳට, නූපන් දරුවාට වඩා ඔබ පෙම් කළ ඒ සදාදරණීය දුම් වැටිය නිසා විය හැකියි නේද? සමහරවිට ඔබගේ සරු බවට හානියක් වී නොතිබෙන්නට පුළුවන්... ඒත්... ඔබගේ බිරින්දෑගේ කුස තුළ දරුවකු පිළිසිඳ ගැනීමේ හැකියාව නැති කළේ ඒ දුම්වැටිය නම්... ඇයට මව් පදවිය නොලැබීමේ පාපයේ වරදකරු වෙත ඒ ඇගිළි එල්ල වීම සර්ව සාධාරණයි නේද?<a href=)

අනෙක සිගරැට් දුම ඉක්මනින්ම රෙදි, ඇඳුම් පැළඳුම්, ලීබඩු ආදියට කා වදින දෙයක්. ඒ දුගඳ ලේසියෙන් ඉවත් වන්නෙත් නැහැ. ඉවත් කරන්න පහසුත් නැහැ. ඔබ දුම් බිව්වත්, වෙන අයකු දුම් බොන තැනක ඔබ රැඳී සිටියත්, ඔබගේ ඇඳුම් වලට මේ විෂ සහිත දුම කා වදිනවා. ඔබ නිවසට ආ විට දරුවන් ඇගේ එල්ලෙනවා, බිරිඳ කිළුටු ඇඳුම් සෝදන්නට ගන්නවා... මේ හැම දෙනාටම අර නිකොටින්, තාර, කාබන්මොනොක්සයිඩ්, විතරක් නෙමෙයි, ආසනික් වැනි මරණීය විෂ ගෙන ද්‍රව්‍යයත් ශරීර ගත වෙනවා නේද???
ඔබ පාවිච්චි කර ඉවත දමන සිගරැට්ටුවේ ෆිල්ටරය, වසර දහස් ගණනක් නොදිරා පවතින බව සහ එම සම්පූර්ණ කාලය තුළ අධික විෂ සහිත ආසනික් ඇතුළු රසායන ද්‍රව්‍ය පසට, ජලයට සහ වාතයට මුක්ත කරන බවට ඔබ දැනුවත්ව සිටියාද??? එමගින් ජෛව ලෝකයේ පරම්පරා ගණනක් විනාශ මුඛයට ඇදගෙන යන බව උගත්, බුද්ධිමත්, පරිණත ඔබ සැමට අමුතුවෙන් මතුකරල කියන්න ඹ්නේ නෑ නේද?
මම ආණ්ඩුවේ “මතට තිත” සංකල්පය වත්, ලෝක ප්‍රසිද්ධ සහ දැනට ලංකාවේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ආයතනයක් වත් නියෝජනය කරන්න හදනවා නෙවෙයි. ‘මතට තිත’ ට වත්, ඔය සංවිධාන එකකටවත් තවම බැරි වුණානෙ මත්ද්‍රව්‍ය, දුම්වැටි උවදුර දිවයිනෙන් තුරන් කරන්න. බලන්න දුම්වැටි අසුරණයක් අරගෙන. ඒකෙ එක පැත්තක බොහොම පුංචි අකුරෙන්.. නිකම් ‘හොරෙන්’ වගේ සඳහන් කරල තියෙනවා “රජයේ අවවාදය - දුම්බීම

හෘදයාබාධ ඇති කරයි” කියලා. ඉස්සර ඒකෙ තිබුණෙ “රජයේ අවවාදය - දුම්බීම පිළිකා ඇති කරයි” කියල. ඇයි 'පිළිකා' වෙනුවට 'හෘදයාබාධ' කියන වචනය දාල තියෙන්නේ? පිළිකා වලට බෙහෙත් නැති අතර හෘදයාබාධ වලට බෙහෙත් තියෙන නිසා දුම් බීල හෘදයාබාධ ඇති වුණොත් ඒක හොඳ කරන්න පුළුවන් නිසා ද? එයින් කියවෙන්නෙ වැඩිමනත් හානියකුත් නැති නිසා සහ දුම්වැටියෙන් රජයට විශාල බදු අනුපාතයක් (5%) ලැබෙන නිසා බිව්වට කමක් නෑ වගේ එකක්ද? දුම්බීම හානිදායක නම් ඇයි රජය ඒවා තවමත් නිෂ්පාදනයට ඉඩ දෙන්නේ? පටු මුල්‍යමය හා දේශපාලනමය වාසි තකා ඇයි රජය බලෙන් මේ රටේ හෘදයාබාධ රෝගීන් බිහි කරන්නට රුකුල් දෙන්නේ? ඒ කියන්නේ “මතට තිත” වැඩකට නැති ඇල් මැරුණු සංකල්පයක් කියන එකද? ‘තිත’ නම් එය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම “තිත” ම විය යුතුයි නේද, කොමාවක් වත්, තිත් කොමාවක් වත් නොවෙයි නේද?
අනිත් ව්‍යසනය තමා මේ මත්ද්‍රව්‍ය“ නිවාරණ සංවිධාන.

ඔවුන් ගෙන යන්නෙ ඇත්තෙන්ම මත්ද්‍ර දුම්වැටි වලින් මුදල් උපයා ගැනීමේ ව්‍යාපාරයක්. එයාල තනිකරම යටින් කරන්නෙ මත්ද්‍රව්‍ය වලට ප්‍රචාරණ වැඩ පිළිවෙලක්. ඇයි මත්ද්‍රව්‍ය මේ රටෙන් නැති කළොත් ඔවුන්ගේ පැවැත්මක් නෑ නෙ. මට මේ කාරණය ඇස් පනා පිටම එක දවසක් ඔප්පු වුණේ ඥාතියෙකුගේ අවමංගල්‍යකට ගිය විට අපේ මාමා කෙනෙකු සහ ඔහුගේ මිතුරකුගේ සංවාදයක් අහඹු ලෙස කන වැකුණු විටයි. ඉස්සර යම් තරමකට මත් පැන් පානය කළ මගේ මාමා මත්පැන් ගැනීම සම්පුර්ණයෙන්ම නවත්වා තිබුණේ මේ කාලයේ. ඔහුගේ මිතුරා දිවයිනේ ප්‍රකට මත්ද්‍රව්‍ය නිවාරණ ආයතනයක ප්‍රධානියෙක්. මාමා කියා සිටියා “මම නම් දැන් Drinks ගන්න එක සම්පුර්ණයෙන්ම නවත්තලයි තියෙන්නෙ. ඔන්න උඔලගේ Project එකක් successful” කියා.. එවිට මිතුරා කීවේ “ඕං ඉතිං උඹත් අපෙ බඩවල් වලටම ගහන්න ගත්තා” යනුවෙන්. ඒ ඇයි දැයි මාගේ මාමා විචාළ විට ඔහු නැවතත් කීවේ “උඹලා Drinks නැවැත්තුවොත් ඉතින් අපේ ............ එකට වැඩ නැතිව යනවානෙ එතකොට උඹලාද අපෙ දරුවන්ට කන්න දෙන්නෙ” යන්නයි. මහ හඩින් සිනාසී එසේ පැවසූ ඔහුගේ මුවින් ද මත්පැන් දුගඳ දැඩිව වහනය වූයෙන් එවකට පාසැල් වියේ පසු වූ මා නැහැයද හකුළුවා ගෙන එතැනින් ඉවත් වූ සැටි අදටත් මට මතකයි.

ඉතින් මේ තමා මට හිතෙන හැටි. මසැසින් පමණක් නොව මනැසින්ද විමසා බැලීමට වියත් ඹබ සැමට භාර කරනවා. ඔබගේම හදවතට තට්ටු කර අහන්න. ඔබගේ ආත්මය ඔබ විසින්ම විනාශ මුඛයේ හෙළා ගන්නේ නම් අපෙත් විරුද්ධත්වයක් නෑ. මොකද තමාට ආදරය නොකරන අයට කිසි කෙනෙක් ආදරය කරන්න බැඳිලා නැති නිසා. ඔබලා ඔබලාට මොනවා කර ගත්තත් අපිට කමක් නෑ.

ඒත් අපිට, දරුවන්ට , නූපන් නොදරුවන්ට මේ පරිසරය නරකාදියක් කරන්න එපා. විස පොවන්න එපා. නූපන් දරුවො ඉපදින්න කලින් මරන්න එපා. හොඳින් ඉන්න මිනිස්සුන්ට වදයක් වෙන්න එපා. ඔබ ඔය වැය කරන රුපියල් 20 න් යෝගට් එකක්, නැත්තම් පළතුරක් අරගෙන කන්නකො. නරකක් වෙයිද බලන්න. දරුවන්ට පෑනක් පැන්සලක් ගෙනිහින් දෙන්නකො. පිනක් වත් සිද්ධ වෙයි.
මැරෙන ටිකට පොළවට බරක් ඉතුරු නොකර මැරෙන්න.. හරි මනුස්සයෙක් විදිහට... අපි මැරෙන්නෙ අද වෙන්නත් පුළුවන්... තව අවුරුදු 40න් 50න් වෙන්නත් පුළුවන්...
ඒ නිසා ඉන්න ටිකට හරියට ජීවත් වෙන්න...උපුටා ගැනිම//thilini-world.blogspot.com/
1 comments:
රාජු Suhadapura: දුම්පානයේ ආදිනව >>>>> Download Now
>>>>> Download Full
රාජු Suhadapura: දුම්පානයේ ආදිනව >>>>> Download LINK
>>>>> Download Now
රාජු Suhadapura: දුම්පානයේ ආදිනව >>>>> Download Full
>>>>> Download LINK Dp
Post a Comment