සුහද පුර වෙබි අඩවියට ඔබ සැම සාදරයෙන් පිලිගනිමු


Wednesday, March 6, 2013

ලොව කුඩාම අයෝමය පුරුෂයා

1988 වර්ෂයේ උපන් ඉන්දීය ජාතික ආදිත්‍ය දේව් හෙවත් රෝමියෝ නැමති තරුණයා දැනට ලොව වෙසෙන කුඩාම අයෝමය පුරුෂයා බවට වාර්තා වී තිබේ. ශරීර ස්කන්ධය රාත්තල් 20 ක් පමණක් වන ආදිත්‍යගේ සිරුරේ උස ප්‍රමාණය සෙන්ටිමීටර් 84 කි. ගිනස් ලෝක වාර්තා පොතට එක්වීමට ඔහුට තවමත් අවස්ථාව හිමිව නොතිබුණද 2006 වසරේදී ලොව වෙසෙන කුඩාම අයෝමය පුරුෂයා ලෙස ආදිත්‍ය හඳුනාගෙන තිබේ. ඔහුගේ හිසෙහි වට ප්‍රමාණය අඟල් 15 ක් වන අතර පපුව අඟල් 20 කි. ආදිත්‍ය සිය පුහුණුකරු වන රංජිත පාල් සමග වැඩ කරිමින් සිය සිරුර වර්ධනය කරගැනීමේ කටයුතු වල නියැලෙයි. එමෙන්ම ඔහු දේශීය රූපවාහිනී නාලිකා වල විවිධ වැඩසටහන් සඳහා ඉදිරිපත්වෙමින් සිය නර්තන දක්ෂතාවයන්ද ඉදිරිපත් කර ඇත.

0 comments:

Post a Comment

රාජු suhadapura © 2008 Template by:
SkinCorner