සුහද පුර වෙබි අඩවියට ඔබ සැම සාදරයෙන් පිලිගනිමු


Wednesday, March 6, 2013

ලොව විශාලම කෝපි කෝප්පය

උදෑසන අවදි වූ සැනින් විශාල කෝපි කෝප්පයක් පානය කිරීමට ඇතමුන් ප්‍රියතාවයක් දක්වයි. නමුත් මෙම පුවත පුවත එවැනි කෝපි කෝප්පයක් නොව ලොව විශාලම කෝපි කෝප්පයට හිමි ගිනස් වාර්තාවට හිමිකම් කියූ කෝපි කෝප්පය පිළිබඳවය. අඩි 8ක උසකින් යුත් මෙම කෝපි කෝප්පයේ කෝපි ගැලුම් 2010 ක් අඩංගුව ඇත. එමෙන්ම මෙම දැවැන්ත කෝපි කෝප්පයෙන් සාමාන්‍ය ප්‍රමාණයේ කෝපි කෝප්ප 32, 160 ක් පිරවීමට හැකිවී ඇති බව ද සඳහන්ය. මෙම දැවැන්ත කෝපි කෝප්පය නිපදවීම සඳහා පැය 8ක කාලයක් ගතවී තිබේ. මී‍ට පෙර ලොව විශාලම කෝපි කෝප්පයට හිමි ගිනස් වාර්තාවට හිමිකම් කියූ කෝපි කෝප්පය ගැලුම් 911 .5 න් යුක්තව ඇත.

0 comments:

Post a Comment

රාජු suhadapura © 2008 Template by:
SkinCorner