සුහද පුර වෙබි අඩවියට ඔබ සැම සාදරයෙන් පිලිගනිමු


Wednesday, March 6, 2013

ලෝකේ ඉන්න පුංචිම ගොනා

උතුරු අයර්ලන්තයෙන් තමයි මේ ගොන් කතාව අපිට ආරංචි වුණේ. ගොනා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් විතර ඇඟ පත තියෙන සතෙක් වුණාට මේ කතාව ලෝකේ ඉන්න පුංචිම ගොනා ගැනයි. “ආර්චී” කියන මේ ගොනාගේ වයස මාස 29 යි. ඒ කියන්නේ අවුරුදු 2 ½ ක් විතරනේ. හැබැයි ඉතින් තාම මේ ගොන් පැටියගේ උස නම් සෙන්ටිමීටර 76.2 යි. ඉතින් ඒ නිසාම තමයි මේ ගොනා ලෝකෙ ඉන්න පුංචිම ගොනා විදිහට 2013 ගිනස් වාර්තා පොතටත් ඇතුළු වෙන්නේ. අනිත් ගොනුන්ට වඩා කොච්චර පුංචි වුණත් “ආර්චී” හිතාගෙන ඉන්නේනම් එයත් අනිත් අය ‍වගේම හරි ලොකුයි කියලා. හැබැයි ඇත්තටම ගත්තොත් ආර්චී බලු පැටියෙක් තරම් විතර ඇති. කොච්චර පුංචි වුණත් ආර්චිගේ සෞඛ්‍ය තත්ත්වයේ කිසිම ප්‍රශ්ණයක් නෑ කියල ආර්චිගේ අයිතිකාරයා ‘රයන්’ කියනවා. ආර්චිට තරහ ගියාම පොඩි කියලා නැතුව වලියටමයිලු යන්නේ. පුංචි වුණත් ඉතින් ගොනා කියන්නේ ගොනාටම තමයි.

0 comments:

Post a Comment

රාජු suhadapura © 2008 Template by:
SkinCorner