ගොඩක් කාලෙකින් අන්තර්ජාලය සම්බන්ධයෙන් මුකුත් ලියන්න බැරි වුනානෙ.
ඉතින් අද ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නෙ ඉතාමත් පහසුවෙන් උපරිම වේගයෙන් ඕනෑම දෙයක් ඩවුන්ලෝඩ් කර ගන්න උදව් ලබාදෙන වෙබ් අඩවියක් (Furk.net) ගැන.
මෙය ක්‍රියාත්මක වෙන්නෙ ටොරන්ට් ( Torrent ) යන ක්‍රමය උපයෝගී කරගෙන. ටොරන්ට් ගැන නොදන්න අයත් ඉන්න නිසා ඒ ගැනත් ටිකක් කියන්නම්.
ටොරන්ට් කියන්නෙ අන්තර්ජාලය තුල විවිධ දේවල් බෙදා හදා ගන්නා ක්‍රමයක්. මෙහිදී බොහෝ වෙලාවට සෙවා සපයන්නන් මෙන්ම සේවා ලබා ගන්න අය වෙන්නේත් සාමාන්‍ය අන්තර්ජාල පාවිච්චි කරන අයමයි. අපට අවශ්‍ය ඕනැම දෙයක් මෙම ටොරන්ට් මගින් නොමිලේ ලබා ගන්න අද කාලයේ පුලුවන්.
ආයතන කීපයක් මෙම දෙකොට්ටාශය සම්බන්ධ කරන්නන් ලෙස ක්‍රියා කරනවා.
උදා -
www.utorrent.com
www.torchbrowser.com
මෙහිදී සිද්ධ වෙන්නෙ, අපේ පරිගනකයේ තියෙන ගීතයක්, චිත්‍රපටයක් හෝ ඔනෑම දෙයක් තවත් කෙනෙක්ට ලබා ගන්න ඉඩ දීම. එවැනි අය රාශියකගේ එකතුවෙන් තමයි මෙම සේවාව සැපයෙන්නෙ.
ටොරන්ට් ගැන සම්පූර්ණ දැනුමක් ලබා ගන්න පුලුවන් පහත සඳහන් ලිපි වලින්.
TORRENT ගැන සම්පූර්ණ පාඩමක්!
ටොරන්ට් කියන්නේ මොනවාද?
දැන් මම කියන්නම් මේ Furk.net අඩවිය භාවිතා කරන හැටි.
1. මුලින්ම පහත ලින්කුවෙන් Furk.net අඩවියට යන්න.
https://www.furk.net/
http://thebotnet.com/freebies/169690-free-furk-net-invite-codes/
එහෙම නැත්නම් තමන්ගේ ෆේස්බුක් ගිණුම භාවිතා කර ලියා පදිංචි වන්න වෙනවා.
3. Register යන්න ක්ලික් කරන්න.
3. ඉන්පසු ඔබේ ඊමේල් ගිණුම භාවිතා කර ඔබේ ගිණුම අනුමත කර ගන්න.
4. දැන් ඔබට මෙම වෙබ් අඩවිය පාවිච්චි කල හැකියි.
අපි බලමු කොහොමද මෙය භාවිතා කර ඔබට අවශ්‍ය දෙයක් ඩවුන්ලෝඩ් කර ගන්නෙ කියලා.
මේ සඳහා මම බොහෝ දෙනෙක් දන්න zoom.lk වෙබ් අඩවියෙන් ලබාදෙන ටොරෙන්ට් මගින් චිත්‍රපටයක් ඩවුන්ලෝඩ් කරන හැටි උදාහරනයකට ගන්නම්.
1. Zoom.lk වෙබ් අඩවියට යන්න.
2. කැමති චිත්‍රපටයක් තෝරා ගන්න (මම තෝරා ගත්ත මෑතකදී ඉතා ප්‍රසිද්ධ වූ ලෝර්ඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපට මාලාව අනුසාරයෙන් නිපදවූ හොබිට් - The Hobbit: An Unexpected Journey චිත්‍රපටය )
3. දැන් එය භාගත කර ගැනීමට අවශ්‍ය ටොරන්ට් එක ලබාගෙන සොයා ගත හැකි තැනක සේව් කර ගන්න (මම නම් ඩෙස්ක්ටොප් එකට )
4. දැන් Furk.net අඩවියට යන්න
5. My files යන්න තෝරන්න
6. New යන්න ක්ලික් කරන්න
7. Choose file ක්ලික් කරන්න
8. කලින් සේව් කර ගත් ටොරෙන්ට් ෆ්යිලය ලබා දෙන්න
9. Add download ක්ලික් කරන්න
10. Download ක්ලික් කරන්න.
11. දැන් ඔබේ අන්තර්ජාල සම්බන්දතාවයට ලබා ගත හැකි උපරිම වේගයෙන් චිත්‍රපටය ඩවුන්ලෝඩ් වේ. මෙන්න සාක්ෂි!
වේගය අතින් තරමක් දුර්වල SLT අන්තර්ජාල සබඳතාවක් ඇතිව වුවද චිත්‍රපටය විනාඩි 10කටත් අඩු කාලයකින් ඩවුන්ලෝඩ් කරගත හැකි විය.
12. ඩවුන්ලෝඩ් වී අවසන් වූ පසු චිත්‍රපටය ලැබෙන්නේ zip ෆ්යිල් එකක් විදිහට. එය කැමති තැනකට unzip කර ගන්න.
- මේ අකාරයට ටොරෙන්ට් අකාරයට ඇති ඔනෑම දෙයක් මේ වෙබ් අඩවිය මගින් ඩවුන්ලෝඩ් කර ගත හැක.
- ටොරෙන්ට් එක සඳහා සීඩ්ස් අඩු වුවත් බාධාවක් රහිතව උපරිම වේගය ලැබේ.
- වීඩියෝ කොන්වර්ට් කර ලබා ගැනීමටද පහසුකම ඇත.
- අප ඩවුන්ලෝඩ් කරන දේවල් නැවත නැවත ගැනීමට හැකි ලෙස අපගේ ගිණුමේ සුරක්ශිත වේ.
- අපගේ පෞද්ගලික දත්ත ගබඩාවක් ලෙසද භාවිතා කල හැක.
- දිනකට 1 GB දත්ත ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාව ඇත. (මුදල් ගෙවා මාසකට 250GB දක්වා වැඩි කර ගත හැක )
එහෙනම් අවශ්‍යතාවය ඇති අය ප්‍රයෝජනයට ගන්න.!
0 comments:
Post a Comment