- ;්ධෝ - චතුරාර්ය සත්‍ය අවබෝධ කළ බැවින් බුද්ධෝ නම් වන සේක. 02) දසබලො - බල දහයක් දරණ බැවින් දසබල නම් වේ. 03) සත්ථා - සියලු දෙව් මිනිසුන්ගෙ ගුරුවරයා වන බැවින් සත්ථා නම් වන සේක. 04) සබ්බඤ්ඤු - ලෝකයේ සියල්ලම අවබෝධ කළ බැවින් සබ්බඤ්ඤු නම් වේ. 05) දීපදූත්තම - දෙපයින් ඇවිදින සතුන් අතර අග්‍ර වූ බැවින් දීපදූත්තම නම් වේ 06) මුනිද්‍රො - සියලු මුනිවරුන්ට අග්‍ර ප්‍රධාන වු බැවින් මුනිද්‍රො නම් වේ. 07) භගවා - සියලු භග්‍ය ධර්මයන්ගෙන් යුක්තවු බැවින් භගවා නම් වන සේක. 08) නාථො - සියලු සතුන් වෙත පිහිට වූ බැවින් නාථො නම් වන සේක. 09) චක්ඛුමා - ලෝකයේ සත්‍ය පෙනෙන බැවින් චක්ඛුමා නම් වේ. 10) අංගීරසො - ශරීරයෙන් රැස් විහිදෙන බැවින් අංගීරසො නම් වේ. 11) මුනී - තිදොරින් උපදින කෙලෙස් නැසු බැවින් මුනී නම් වේ 12) ලෝකනාථො - කාම,රූප,අරූප යන තුන්ලෝ වැසියන්ට පිහිට වූ බැවින් ලෝකනාථ නම් වේ. 13) අනධිවරෝ - ලැබිය යුතු සියලු ධර්මයන් අවබෝධ කළ බැවින් අනධිවර නම් වේ. 14) මහෙසී - මහා ඍෂිවරුන් අතර අග්‍ර ප්‍රධාන බැවින් මහෙසී නම් වන සේක. 15) විනායක - ශ්‍රේෂ්ඨ හික්මීමක් (විනය) ඇති බැවින් විනායක නම් වේ. 16) සමන්තාචක්ඛු - සියලු ලෝකන්හි තොරතුරු කිසිවක් ඉතුරු නැතිව අවබෝධ කළ බැවින් සමන්තාචක්ඛු නම් වේ. 17) සුගතෝ - මිහිරි සුන්දර වූ නිවනට වැඩිය බැවින් සුගතෝ නම් ව්න සේක. 18) භූරිපඤ්ඤ - ඉතා සියුම් (මිනිස් ඇසට නොපෙනෙන) දෙය පවා හසුකර ගත හැකි බැවින් භූරිපඤ්ඤ නම් වේ. 19) මාරජි - සියලු මාරයන් පරාජය කර ජය ගත් බැවින් මාරජි නම් වේ. 20) නරසීහ - සියලු මිනිසුන් හට උතුම් බැවින් නරසීහ නම් වේ. 21) නරවරෝ - සියලු මිනිසුන් අතර උතුම් කෙනෙක් (බුදුන් වහන්සෙට සමාන) නොමැති බැවින් නරවරෝ නම් වේ. 22) ධම්මරාජා - සියලු ගුණධර්මයන්ට රජු වූ බැවින් ධම්මරාජා නම් වේ. 23) දෙවදෙවො - සියලු දෙවියන්ට දෙවි (දෙවියන්ට පිහිට) වූ බැවින් දෙවදෙවො නම් වේ. 24) ලෝකගුරු - සියලු ලෝ වැසියන්ගේ ගෞරව (ගුරු ගෞරව) ලබන බැවින් ලෝකගුරු නම් වේ. 25) ධම්මස්සාමි - සියලු ගුණධර්මයන්හි අග්‍ර ප්‍රධාන බැවින් ධම්මස්සාමි නම් වේ. 26) තථාගත - සසර නොනැවති නිවණට පැමිණි බැවින් තථාගත නම් වේ. 27) සයම්භූ-තමාම සියලු ධර්මයන් අවබෝධ කළබැවින් සයම්භූ නම් වේ. 28) සම්මා සම්බුද්ධ - පංචවිධ ඥෙය්‍ය මංඩලය අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක. 29) වරපඤ්ඤ - කිසිවකුට සමකල නොහැකි නුවණ දරණ බැවින් වරපඤ්ඤ නම් වේ. 30) අන්නජිත - ජයගත යුතු සියල්ලම ජයගත් බැවින් අන්නජිත නම් වේ. 31) අසමෝ - කිසිවෙකුට සමකළ නොහැකි බැවින් අසමෝ නම් වේ. 32) අස සමෝ - වෙනත් බුදුවරුන්ට පමනක් සමකළ හැකි බැවින් අස සමෝ නම් වේ. 33) අප්පටිමෝ - සියලු ලක්ෂණ ඇතුළත් කර ප්‍රතිමාවක් නොකළ හැකි බැවින් අප්පටිමෝ නම් වේ. 34) අප්පටිභාගෝ-තමන් දෙසු ධර්මය එසේ නොවේ යැයි කිමට කිසිවෙක් නොමැති බැවින් අප්පටිභාග නම් වේ. 35) අප්පටි පුද්ගලෝ - ඔබ බුදුන් නොවේ, මම බුදුවරයායි කීමට කිසිවෙක් නොමැති බැවින් අප්පටි පුද්ගල නම් වේ 36) සෙට්ඨො - සියලු ලෝ වැසියන්ට ශ්‍රේෂ්ඨ වූ බැවින් සෙට්ඨො නම් වේ. 37) ජෙට්ඨො - සියලු ලෝ වැසියන්ට වැඩිමහල්ලා වූ බැවින් ජෙට්ඨො නම් වේ. 38) සත්‍යපුංගව - ශාක්‍ය වංශය බබලවන බැවින් ඒ නම යෙදේ. 39) මායාදෙවිසුභ - මායා දේවියගේ පුතා වූ බැවින් මායාදෙවිසුභ නම් වේ. 40) සමන්තභද්ද - සියලු තැනම යහපත සිදුකරන බැවින් සමන්තභද්ද නම් වේ. 41) නරාසභ - මිනිසුන් අතර ඉපිද මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූ බැවින් නරාසභ නම් වේ. 42) ලෝකජින - සියලු ලෝක ජයගත් බැවින් ලෝකජින නම් වේ. 43) ලෝකජි - ජයගත යුතු වෙනත් ලෝකයක් නොමැති බැවින් ලෝකජි නම් වේ. 44) පුරිසධම්මසාරති - පුරිසයන් දමනය කිරීමේ දක්ෂ බැවින් ඒ නම් වේ. 45) ධම්මස්සරෝ - සියලු ධර්මයන්ට ප්‍රධාන බැවින් ධම්මස්සරෝ නම් වේ. 46) අච්චෙජකධජ්ජ වචනො - නොබිඳිය හැකි වචන ඇති බැවින් ඒ නමින් හැඳින්වේ. 47) සත්ථ වාහක - අනේක සත්වයන් සසරින් එතෙර කරන බැවින් සත්ත වාහක නම් වේ. 48) විශුද්ධිදෙව - සියලු කෙලෙසුන්ගෙන් මිදුනු බැවින් ඒ නම් වේ. 49) සමණීස්සර - සියලු ශ්‍රමණයන්ට අධිපති වූ බැවින් සමණීස්සර නම් වේ. 50) ජළභිඤුඤ - සමභිඤු ලැබූ බැවින් ඒ නම යෙදේ. 51) ජනෙසුත - සියලු සත්වයන්ට දෙමාපියෙකු වූ බැවින් ජනෙසුත නම් වන සේක. 52) යතිරාජ - සියලු යතිවරුන්ට රජබැවින් යතිරාජ නම් වේ. 53) ලෝකබන්‍ධු - සියලු ලෝ වැසියන්ගෙ විස්වාස වූ නෑයා බැවින් ඒ නම් වේ. 54) ලෝකපජේජාත - තුන් ලොවෙහි අඳුර දුරලු පහනක් වූ බැවින් මේ නම් වේ. 55) අමතංදද - නිර්වාණය නැමති අමෘතය සොයාදුන් බැවින් ඒ නම් වේ. 56) සද්ධම්මචක්කවත්ති - සියලු සද්ධර්මයන්ට අණසක පතුරවන බැවින් ඒ නම් වේ. 57) ලෝකදීප - තුන් ලොවට පහනක් වූ බැවින් ඒ නම යෙදේ. 58) නිරුත්තමෝ - කිසිලෙසකින් උතුම් බව නොපිරිහෙන බැවින් ඒ නම යෙදේ. 59) ලෝකත්තයවිදු - තුන්ලොව අඳුර දුරලූ පහනක් වැනිවූ බැවින් ඒ නම යෙදේ. 60) පුරිසත්තම - ලොවට උතුම් ශ්‍රේෂ්ඨ පුරුෂයකුවූ බැවින් මේ නමින් හැඳින්වේ. 61) සච්චදදස - ලෝකයේ සියලු සත්‍ය දුටු බැවින් ඒ නම් වේ. 62) සතප්‍රඤ්ඤ ලක්ඛණ - සියයක් පිං ලකුණු දරන බැවින් ඒ නම යෙදේ. 63) රවිබන්දු - සූර්ය වංශයට නෑයෙක් වූ බැවින් ඒ නමින් හැඳින් වේ. 64) පඤචනෙත්ත - පසැස් ඇති බැවින් පඤචනෙත්ත නම් වන් සේක. 65) සබ්බාහිගූ - සියලු කෙලෙස් මැඩලූ බැවින් ඒ නම යෙදේ. 66) සබ්බාහිවිදු - සියලු නුවණින් පසක් කළ බැවින් ඒ නම යෙදේ. 67) පාරගූ - සසර සයුරෙන් එතෙර වූ බැවින් ඒ නම යෙදේ. 68) සබ්බදස්සාමි - සියලු ධර්මයන් බෙදා දක්වන බැවින් ඒ නම යෙදේ. 69) නරසාරථි - සියලු මිනිසුන් නිවැරදි මාර්ගයෙ යොදවන බැවින් නරසාරථි නම් වේ. 70) තාදී - අටලෝ දහමට නොසැලෙන බැවින් තාදී නම් වේ. 71) විභජජවදි - සියලු ධර්මයන් නිරවුල්ව බෙදා දක්වන බැවින් ඒ නම යෙදේ. 72) මහා කාරුණිකො - සියලු සතුන් හට කරුණා දක්වන බැවින් ඒ නමින් හැඳින් වේ. 73) චක්බුභූතො - සියල්ල දක්නා ඥානය නැමති ඇස ඇති බැවින් ඒ නමින් හැඳින් වේ. 74) ධම්මභූතො - සියලූම ධර්මය අඩු නැතිව දත් බැවින් ධම්මභූතො නම් වේ. 75) ඤාණභූතො-සියලු ඤාණයන් අඩු නැතුව දත් බැවින් ඒ නමින් හැඳි වේ. 76) පුරිසාදඤ්ඤ - මිනිසුන් අතර දුර්ලභ උපතක් නිසා ඒ නම යෙදේ. 77) මාරභඤ්ජන - සියලු මාර බලයන් බිදලූ බැවින් ඒ නමින් හැදින් වේ. 78) අමෝඝවචන-කිසි දිනෙක හිස් වචන නොකියන බැවින් ඒ නම යෙදේ. 79) අකණිට්ඨක - කිසිවකුට බාල නොවන බැවින් අකණිට්ඨක නම් වේ. 80) ගුනාකාර - සියලු ගුන මතු කෙරෙන ආකාරය බැවින් ඒ බැවින් හැදින් වේ. 81) තිකාලවිදූ - තුන් කාලයම අවබෝධ කළ බැවින් ඒ නම් වේ. 82) වීතරාගෝ - සියලූම ගුන ඇති බැවින් වීතරාගෝ නම් වේ. 83) චීතදෝසෝ - සියලු ද්වේෂයන් පහ කළ බැවින් චීතදෝසෝ නම් වේ. 84) චීතමෝහෝ - සියලු මෝහයන් පහ කළ බැවින් ඒ නමින් හැඳින් වේ. 85) නිකලෙසී - කිසිදු නොමැති බැවින් නිකෙලෙසී නම් වේ. 86) ශාක්‍ය මුනි - ශාක්‍ය වංශයේ උපත වූ ඍෂි වරයානන් බැවින් ශාක්‍ය මුනි නම් වේ. 87) ගෞතම - බුදුවූ නාමය ගෞතම නම් වේ. 88) සිද්ධාර්ථ - අර්තයක් සිද්ද කරණ බැවින් සිද්ධාර්ථ නම් වේ. 89) මහා වීර - තුන් ලෝව ඇතුලු සියල්ලම දිග් විජය කළ බැවින් මහා වීර නම් වන සේක. 90) භාග්‍යවතුන් වහන්ස - සංසාරයෙන් මිදිමට හැකි භාග්‍ය තිබුන බැවින් ඒ නමින් හැදින් වේ. 91) බුද්ධවීර - සියලු මාරයන් පරාජය කර බුදුවු බැවින් ඒ නම යෙදේ. 92) ශාක්‍යසිංහ - යමහ මහ පෙළහර පැමෙන් ශාක්‍යන් දමනය කිරිම නිසා ඒ නමින් හැඳින්වේ. 93) සර්වඥ - ගුරුවරයකු නොමැතිව තමා විසින්ම ධර්මය අවබෝධ කරගැනිම නිසා ඒ නම් යෙදේ. 94) ජින - ලෝකය දිනූ බැවින් ජින නම් වේ. 95) තිලෝගුරු - බ්‍රහ්ම,දේව,මනුස්ස යන තුන් ලෝකයේහිම ගුරුවරයා බැවින් ඒ නම යෙදේ. 96) අමාමෑණි - මවක් තම එකම පුතුට දක්වන සෙනේහස මෙන් ලෝවැසියාට පිහිටවන බැවින් ඒ නම යෙදේ. 97) බුදුපියානන් - පියකු තම දරුවන්ට රැකවරනය සලසන මෙන් ලෝවැසියන්ට රැකවරනය සැලසු බැවින් ඒ නම යෙදේ. 98) ශ්‍රමණ ගෞතම - ගෞතම නාමයෙන් තපස් දිවියක් ගත කළ නිසා ඒ නම යෙදේ. 99) භවත් ගෞතම - නිවනට පැමිනි වාසනාව (භාග්‍ය) තිබු බැවින් ඒ නම යෙදේ. 100) අජරාමර ලෝක නාථ - සංසාරය නැමති ජරා මරණයෙන් සදහටම මිදි, ලෝවැස්සන් හටද නිවන් මාර්ගය කියාදුන් බැවින් එතුමෝ අජරාමර ලෝක නාථ නම් . වන සේක
My Blog List
පිටු පෙරලු ගණන
Blogroll
Blogger templates
Blogger news
Banner
"අප මෙහි පලකරන බොහොමයක් දේ අන්තර්ජාලයෙන් සහ නොයකුත් Page වලින් ලබාගන්නා අතර එහි අයිතිය මුල් අයිති කරුවන්ට හිමිවේ"
Powered by Blogger.
-
ලෝකයේ දිගම ඇඟිලි නිය ඇති කාන්තාව කවුරුන්දැයි ඔබ දන්නවා ද? ඇය ඇමරිකා එක්සත් ජනපදයේ සෝල්ට් ලේක් සිටිහී ලී රෙඞ්මන්ඞ් ය. ඇය සිය ඇඟිලිවල නියපොතු ...
-
පකිස්ථානයේ කරච්චි ධීවර වරායට ගොඩගැසූ මීටර් 12ක් දිග ටොන් 7ක් බරැති සුදු මෝරකු දොඹකර දෙකක ආධාරයෙන් ගොඩට ගැනීමට පැය හතරක් ගතවිය. පකිස්ථාන ජාති...
-
අද ඔයාලට මං දෙන්න යන්නේ අපි හැමෝම කරන ඒක දෙයක් ගැන ඉක්මනට හොයා ගන්න විදියක් ගැන ඒ තම ෆිල්ම්ස් ඩව්න්ලෝඩ් කර ගන්න ඔයාට ඕනි ෆිල්ම් එකක් මේ ම...
-
සාමාන්‍යයෙන් XP දාන්න විනාඩි 40ක් විතර යනවා. ඉතින් විනාඩි 15න් විතර දාන්න පුලුවන් නම් කාලය කොච්චර ඉතුරැද නේද. මෙන්න ඒකට ක්‍රමය. පොඩි වැඩයි ක...
-
බ්‍රසීලයේ ‘දික්තලාව’ එලිසැනි. 17 හැවිරිදි ඇගේ උස අඩි 6යි අඟල් 8යි! තවමත් 17 වැනි වියේ පසු වන ඇය නමින් එලිසැනි ද කෲස් සිල්වා. උස මිටර් 2.23...
-
Photoshop Top Secret – DVD 5 ම !…නොමිලේ…!…Free…! Seeker මැයි 19, 2012 23 මෙන්න මෙහෙමයි වැඩේ…අපේ ...
-
ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් අග්නිදිග අත්ලාන්තික් වෙරළ තීරයේ එක්තරා ප්‍රදේශයක සිදුවන සිදුවීම් නිසා ලොව පුරා කවුරුත් මවිතයට පත්වී සිටිති. මේ ක...
-
කළු සහ දුඹුරු පැහැ සිරුරක් හිමි “හාබර්” නම් සුනඛයා ලොව දිගම කන් හිමි සුනඛයා ලෙස ගිනස් වාර්තා පොතට එක්වීමට අවස්ථාව උදාකරගෙන තිබේ. 8 හැවිරිදි ...
-
ජෝති හැමදාම සිහින මැව්වේ තරුවක් වීමටයි. ඒ සිහින සැබෑ කරමින් අන්තිමට ඈ විශේෂිත පුද්ගලයෙක් වුණා. ජෝති අම්ගේ උපන්නේ උතුරු ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්...
-
කරනදේ හරියට කරමු. | Revo Uninstaller Pro v2.5.9 Including Crack අපි ගොඩක් වෙලවට අපේ පරිඝණකයෙ තියන Software uninstall...
Blog Archive
Friday, January 18, 2013
තිලෝගුරු අමා මෑණි ශාක්‍ය මුනි ගෞතම බුදුන් වහන්සේ අමතන නාම 100ක්
Subscribe to:
Post Comments (Atom)
1 comments:
වැඩේ හොදයිනම් කමෙන්ට් කරන්න ... අමතක කරන්න එපා
Post a Comment