- ;්ධෝ - චතුරාර්ය සත්‍ය අවබෝධ කළ බැවින් බුද්ධෝ නම් වන සේක. 02) දසබලො - බල දහයක් දරණ බැවින් දසබල නම් වේ. 03) සත්ථා - සියලු දෙව් මිනිසුන්ගෙ ගුරුවරයා වන බැවින් සත්ථා නම් වන සේක. 04) සබ්බඤ්ඤු - ලෝකයේ සියල්ලම අවබෝධ කළ බැවින් සබ්බඤ්ඤු නම් වේ. 05) දීපදූත්තම - දෙපයින් ඇවිදින සතුන් අතර අග්‍ර වූ බැවින් දීපදූත්තම නම් වේ 06) මුනිද්‍රො - සියලු මුනිවරුන්ට අග්‍ර ප්‍රධාන වු බැවින් මුනිද්‍රො නම් වේ. 07) භගවා - සියලු භග්‍ය ධර්මයන්ගෙන් යුක්තවු බැවින් භගවා නම් වන සේක. 08) නාථො - සියලු සතුන් වෙත පිහිට වූ බැවින් නාථො නම් වන සේක. 09) චක්ඛුමා - ලෝකයේ සත්‍ය පෙනෙන බැවින් චක්ඛුමා නම් වේ. 10) අංගීරසො - ශරීරයෙන් රැස් විහිදෙන බැවින් අංගීරසො නම් වේ. 11) මුනී - තිදොරින් උපදින කෙලෙස් නැසු බැවින් මුනී නම් වේ 12) ලෝකනාථො - කාම,රූප,අරූප යන තුන්ලෝ වැසියන්ට පිහිට වූ බැවින් ලෝකනාථ නම් වේ. 13) අනධිවරෝ - ලැබිය යුතු සියලු ධර්මයන් අවබෝධ කළ බැවින් අනධිවර නම් වේ. 14) මහෙසී - මහා ඍෂිවරුන් අතර අග්‍ර ප්‍රධාන බැවින් මහෙසී නම් වන සේක. 15) විනායක - ශ්‍රේෂ්ඨ හික්මීමක් (විනය) ඇති බැවින් විනායක නම් වේ. 16) සමන්තාචක්ඛු - සියලු ලෝකන්හි තොරතුරු කිසිවක් ඉතුරු නැතිව අවබෝධ කළ බැවින් සමන්තාචක්ඛු නම් වේ. 17) සුගතෝ - මිහිරි සුන්දර වූ නිවනට වැඩිය බැවින් සුගතෝ නම් ව්න සේක. 18) භූරිපඤ්ඤ - ඉතා සියුම් (මිනිස් ඇසට නොපෙනෙන) දෙය පවා හසුකර ගත හැකි බැවින් භූරිපඤ්ඤ නම් වේ. 19) මාරජි - සියලු මාරයන් පරාජය කර ජය ගත් බැවින් මාරජි නම් වේ. 20) නරසීහ - සියලු මිනිසුන් හට උතුම් බැවින් නරසීහ නම් වේ. 21) නරවරෝ - සියලු මිනිසුන් අතර උතුම් කෙනෙක් (බුදුන් වහන්සෙට සමාන) නොමැති බැවින් නරවරෝ නම් වේ. 22) ධම්මරාජා - සියලු ගුණධර්මයන්ට රජු වූ බැවින් ධම්මරාජා නම් වේ. 23) දෙවදෙවො - සියලු දෙවියන්ට දෙවි (දෙවියන්ට පිහිට) වූ බැවින් දෙවදෙවො නම් වේ. 24) ලෝකගුරු - සියලු ලෝ වැසියන්ගේ ගෞරව (ගුරු ගෞරව) ලබන බැවින් ලෝකගුරු නම් වේ. 25) ධම්මස්සාමි - සියලු ගුණධර්මයන්හි අග්‍ර ප්‍රධාන බැවින් ධම්මස්සාමි නම් වේ. 26) තථාගත - සසර නොනැවති නිවණට පැමිණි බැවින් තථාගත නම් වේ. 27) සයම්භූ-තමාම සියලු ධර්මයන් අවබෝධ කළබැවින් සයම්භූ නම් වේ. 28) සම්මා සම්බුද්ධ - පංචවිධ ඥෙය්‍ය මංඩලය අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක. 29) වරපඤ්ඤ - කිසිවකුට සමකල නොහැකි නුවණ දරණ බැවින් වරපඤ්ඤ නම් වේ. 30) අන්නජිත - ජයගත යුතු සියල්ලම ජයගත් බැවින් අන්නජිත නම් වේ. 31) අසමෝ - කිසිවෙකුට සමකළ නොහැකි බැවින් අසමෝ නම් වේ. 32) අස සමෝ - වෙනත් බුදුවරුන්ට පමනක් සමකළ හැකි බැවින් අස සමෝ නම් වේ. 33) අප්පටිමෝ - සියලු ලක්ෂණ ඇතුළත් කර ප්‍රතිමාවක් නොකළ හැකි බැවින් අප්පටිමෝ නම් වේ. 34) අප්පටිභාගෝ-තමන් දෙසු ධර්මය එසේ නොවේ යැයි කිමට කිසිවෙක් නොමැති බැවින් අප්පටිභාග නම් වේ. 35) අප්පටි පුද්ගලෝ - ඔබ බුදුන් නොවේ, මම බුදුවරයායි කීමට කිසිවෙක් නොමැති බැවින් අප්පටි පුද්ගල නම් වේ 36) සෙට්ඨො - සියලු ලෝ වැසියන්ට ශ්‍රේෂ්ඨ වූ බැවින් සෙට්ඨො නම් වේ. 37) ජෙට්ඨො - සියලු ලෝ වැසියන්ට වැඩිමහල්ලා වූ බැවින් ජෙට්ඨො නම් වේ. 38) සත්‍යපුංගව - ශාක්‍ය වංශය බබලවන බැවින් ඒ නම යෙදේ. 39) මායාදෙවිසුභ - මායා දේවියගේ පුතා වූ බැවින් මායාදෙවිසුභ නම් වේ. 40) සමන්තභද්ද - සියලු තැනම යහපත සිදුකරන බැවින් සමන්තභද්ද නම් වේ. 41) නරාසභ - මිනිසුන් අතර ඉපිද මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූ බැවින් නරාසභ නම් වේ. 42) ලෝකජින - සියලු ලෝක ජයගත් බැවින් ලෝකජින නම් වේ. 43) ලෝකජි - ජයගත යුතු වෙනත් ලෝකයක් නොමැති බැවින් ලෝකජි නම් වේ. 44) පුරිසධම්මසාරති - පුරිසයන් දමනය කිරීමේ දක්ෂ බැවින් ඒ නම් වේ. 45) ධම්මස්සරෝ - සියලු ධර්මයන්ට ප්‍රධාන බැවින් ධම්මස්සරෝ නම් වේ. 46) අච්චෙජකධජ්ජ වචනො - නොබිඳිය හැකි වචන ඇති බැවින් ඒ නමින් හැඳින්වේ. 47) සත්ථ වාහක - අනේක සත්වයන් සසරින් එතෙර කරන බැවින් සත්ත වාහක නම් වේ. 48) විශුද්ධිදෙව - සියලු කෙලෙසුන්ගෙන් මිදුනු බැවින් ඒ නම් වේ. 49) සමණීස්සර - සියලු ශ්‍රමණයන්ට අධිපති වූ බැවින් සමණීස්සර නම් වේ. 50) ජළභිඤුඤ - සමභිඤු ලැබූ බැවින් ඒ නම යෙදේ. 51) ජනෙසුත - සියලු සත්වයන්ට දෙමාපියෙකු වූ බැවින් ජනෙසුත නම් වන සේක. 52) යතිරාජ - සියලු යතිවරුන්ට රජබැවින් යතිරාජ නම් වේ. 53) ලෝකබන්ධු - සියලු ලෝ වැසියන්ගෙ විස්වාස වූ නෑයා බැවින් ඒ නම් වේ. 54) ලෝකපජේජාත - තුන් ලොවෙහි අඳුර දුරලු පහනක් වූ බැවින් මේ නම් වේ. 55) අමතංදද - නිර්වාණය නැමති අමෘතය සොයාදුන් බැවින් ඒ නම් වේ. 56) සද්ධම්මචක්කවත්ති - සියලු සද්ධර්මයන්ට අණසක පතුරවන බැවින් ඒ නම් වේ. 57) ලෝකදීප - තුන් ලොවට පහනක් වූ බැවින් ඒ නම යෙදේ. 58) නිරුත්තමෝ - කිසිලෙසකින් උතුම් බව නොපිරිහෙන බැවින් ඒ නම යෙදේ. 59) ලෝකත්තයවිදු - තුන්ලොව අඳුර දුරලූ පහනක් වැනිවූ බැවින් ඒ නම යෙදේ. 60) පුරිසත්තම - ලොවට උතුම් ශ්‍රේෂ්ඨ පුරුෂයකුවූ බැවින් මේ නමින් හැඳින්වේ. 61) සච්චදදස - ලෝකයේ සියලු සත්‍ය දුටු බැවින් ඒ නම් වේ. 62) සතප්‍රඤ්ඤ ලක්ඛණ - සියයක් පිං ලකුණු දරන බැවින් ඒ නම යෙදේ. 63) රවිබන්දු - සූර්ය වංශයට නෑයෙක් වූ බැවින් ඒ නමින් හැඳින් වේ. 64) පඤචනෙත්ත - පසැස් ඇති බැවින් පඤචනෙත්ත නම් වන් සේක. 65) සබ්බාහිගූ - සියලු කෙලෙස් මැඩලූ බැවින් ඒ නම යෙදේ. 66) සබ්බාහිවිදු - සියලු නුවණින් පසක් කළ බැවින් ඒ නම යෙදේ. 67) පාරගූ - සසර සයුරෙන් එතෙර වූ බැවින් ඒ නම යෙදේ. 68) සබ්බදස්සාමි - සියලු ධර්මයන් බෙදා දක්වන බැවින් ඒ නම යෙදේ. 69) නරසාරථි - සියලු මිනිසුන් නිවැරදි මාර්ගයෙ යොදවන බැවින් නරසාරථි නම් වේ. 70) තාදී - අටලෝ දහමට නොසැලෙන බැවින් තාදී නම් වේ. 71) විභජජවදි - සියලු ධර්මයන් නිරවුල්ව බෙදා දක්වන බැවින් ඒ නම යෙදේ. 72) මහා කාරුණිකො - සියලු සතුන් හට කරුණා දක්වන බැවින් ඒ නමින් හැඳින් වේ. 73) චක්බුභූතො - සියල්ල දක්නා ඥානය නැමති ඇස ඇති බැවින් ඒ නමින් හැඳින් වේ. 74) ධම්මභූතො - සියලූම ධර්මය අඩු නැතිව දත් බැවින් ධම්මභූතො නම් වේ. 75) ඤාණභූතො-සියලු ඤාණයන් අඩු නැතුව දත් බැවින් ඒ නමින් හැඳි වේ. 76) පුරිසාදඤ්ඤ - මිනිසුන් අතර දුර්ලභ උපතක් නිසා ඒ නම යෙදේ. 77) මාරභඤ්ජන - සියලු මාර බලයන් බිදලූ බැවින් ඒ නමින් හැදින් වේ. 78) අමෝඝවචන-කිසි දිනෙක හිස් වචන නොකියන බැවින් ඒ නම යෙදේ. 79) අකණිට්ඨක - කිසිවකුට බාල නොවන බැවින් අකණිට්ඨක නම් වේ. 80) ගුනාකාර - සියලු ගුන මතු කෙරෙන ආකාරය බැවින් ඒ බැවින් හැදින් වේ. 81) තිකාලවිදූ - තුන් කාලයම අවබෝධ කළ බැවින් ඒ නම් වේ. 82) වීතරාගෝ - සියලූම ගුන ඇති බැවින් වීතරාගෝ නම් වේ. 83) චීතදෝසෝ - සියලු ද්වේෂයන් පහ කළ බැවින් චීතදෝසෝ නම් වේ. 84) චීතමෝහෝ - සියලු මෝහයන් පහ කළ බැවින් ඒ නමින් හැඳින් වේ. 85) නිකලෙසී - කිසිදු නොමැති බැවින් නිකෙලෙසී නම් වේ. 86) ශාක්‍ය මුනි - ශාක්‍ය වංශයේ උපත වූ ඍෂි වරයානන් බැවින් ශාක්‍ය මුනි නම් වේ. 87) ගෞතම - බුදුවූ නාමය ගෞතම නම් වේ. 88) සිද්ධාර්ථ - අර්තයක් සිද්ද කරණ බැවින් සිද්ධාර්ථ නම් වේ. 89) මහා වීර - තුන් ලෝව ඇතුලු සියල්ලම දිග් විජය කළ බැවින් මහා වීර නම් වන සේක. 90) භාග්‍යවතුන් වහන්ස - සංසාරයෙන් මිදිමට හැකි භාග්‍ය තිබුන බැවින් ඒ නමින් හැදින් වේ. 91) බුද්ධවීර - සියලු මාරයන් පරාජය කර බුදුවු බැවින් ඒ නම යෙදේ. 92) ශාක්‍යසිංහ - යමහ මහ පෙළහර පැමෙන් ශාක්‍යන් දමනය කිරිම නිසා ඒ නමින් හැඳින්වේ. 93) සර්වඥ - ගුරුවරයකු නොමැතිව තමා විසින්ම ධර්මය අවබෝධ කරගැනිම නිසා ඒ නම් යෙදේ. 94) ජින - ලෝකය දිනූ බැවින් ජින නම් වේ. 95) තිලෝගුරු - බ්‍රහ්ම,දේව,මනුස්ස යන තුන් ලෝකයේහිම ගුරුවරයා බැවින් ඒ නම යෙදේ. 96) අමාමෑණි - මවක් තම එකම පුතුට දක්වන සෙනේහස මෙන් ලෝවැසියාට පිහිටවන බැවින් ඒ නම යෙදේ. 97) බුදුපියානන් - පියකු තම දරුවන්ට රැකවරනය සලසන මෙන් ලෝවැසියන්ට රැකවරනය සැලසු බැවින් ඒ නම යෙදේ. 98) ශ්‍රමණ ගෞතම - ගෞතම නාමයෙන් තපස් දිවියක් ගත කළ නිසා ඒ නම යෙදේ. 99) භවත් ගෞතම - නිවනට පැමිනි වාසනාව (භාග්‍ය) තිබු බැවින් ඒ නම යෙදේ. 100) අජරාමර ලෝක නාථ - සංසාරය නැමති ජරා මරණයෙන් සදහටම මිදි, ලෝවැස්සන් හටද නිවන් මාර්ගය කියාදුන් බැවින් එතුමෝ අජරාමර ලෝක නාථ නම් . වන සේක
My Blog List
පිටු පෙරලු ගණන
Blogroll
Blogger templates
Blogger news
Banner
"අප මෙහි පලකරන බොහොමයක් දේ අන්තර්ජාලයෙන් සහ නොයකුත් Page වලින් ලබාගන්නා අතර එහි අයිතිය මුල් අයිති කරුවන්ට හිමිවේ"
Powered by Blogger.
-
ලෝකයේ දිගම ඇඟිලි නිය ඇති කාන්තාව කවුරුන්දැයි ඔබ දන්නවා ද? ඇය ඇමරිකා එක්සත් ජනපදයේ සෝල්ට් ලේක් සිටිහී ලී රෙඞ්මන්ඞ් ය. ඇය සිය ඇඟිලිවල නියපොතු ...
-
පකිස්ථානයේ කරච්චි ධීවර වරායට ගොඩගැසූ මීටර් 12ක් දිග ටොන් 7ක් බරැති සුදු මෝරකු දොඹකර දෙකක ආධාරයෙන් ගොඩට ගැනීමට පැය හතරක් ගතවිය. පකිස්ථාන ජාති...
-
අද ඔයාලට මං දෙන්න යන්නේ අපි හැමෝම කරන ඒක දෙයක් ගැන ඉක්මනට හොයා ගන්න විදියක් ගැන ඒ තම ෆිල්ම්ස් ඩව්න්ලෝඩ් කර ගන්න ඔයාට ඕනි ෆිල්ම් එකක් මේ ම...
-
සාමාන්‍යයෙන් XP දාන්න විනාඩි 40ක් විතර යනවා. ඉතින් විනාඩි 15න් විතර දාන්න පුලුවන් නම් කාලය කොච්චර ඉතුරැද නේද. මෙන්න ඒකට ක්‍රමය. පොඩි වැඩයි ක...
-
බ්‍රසීලයේ ‘දික්තලාව’ එලිසැනි. 17 හැවිරිදි ඇගේ උස අඩි 6යි අඟල් 8යි! තවමත් 17 වැනි වියේ පසු වන ඇය නමින් එලිසැනි ද කෲස් සිල්වා. උස මිටර් 2.23...
-
Photoshop Top Secret – DVD 5 ම !…නොමිලේ…!…Free…! Seeker මැයි 19, 2012 23 මෙන්න මෙහෙමයි වැඩේ…අපේ ...
-
ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් අග්නිදිග අත්ලාන්තික් වෙරළ තීරයේ එක්තරා ප්‍රදේශයක සිදුවන සිදුවීම් නිසා ලොව පුරා කවුරුත් මවිතයට පත්වී සිටිති. මේ ක...
-
කළු සහ දුඹුරු පැහැ සිරුරක් හිමි “හාබර්” නම් සුනඛයා ලොව දිගම කන් හිමි සුනඛයා ලෙස ගිනස් වාර්තා පොතට එක්වීමට අවස්ථාව උදාකරගෙන තිබේ. 8 හැවිරිදි ...
-
ජෝති හැමදාම සිහින මැව්වේ තරුවක් වීමටයි. ඒ සිහින සැබෑ කරමින් අන්තිමට ඈ විශේෂිත පුද්ගලයෙක් වුණා. ජෝති අම්ගේ උපන්නේ උතුරු ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්...
-
කරනදේ හරියට කරමු. | Revo Uninstaller Pro v2.5.9 Including Crack අපි ගොඩක් වෙලවට අපේ පරිඝණකයෙ තියන Software uninstall...
Blog Archive
Friday, January 18, 2013
තිලෝගුරු අමා මෑණි ශාක්‍ය මුනි ගෞතම බුදුන් වහන්සේ අමතන නාම 100ක්
Thursday, January 17, 2013
Monday, January 14, 2013
ලේ දන් දීම
ලේ දන් දීම (Blood Donation)
රුධිර පාරවිලයනය ජීවිත බේරන අතරම රෝගීන්ගේ සෞඛ්‍ය
තත්වය වැඩි කරයි. අවාසනාවකට අනතුරක් නැති රුධිරය නිසි වේලාවට ලබා ගැනීමේ පහසුකම්, ලේ අවශ්‍ය ලොව පුරා මිලියනයක පමණ ජනතාවකට අහිමි වී ඇත. ඔබ දැනසිටියාද? අවුරුද්දකට ශ්‍රී ලංකාවේ රුධිර පාරවිලයනයක් අවශ්‍ය පිරිස ලක්ෂ දෙකකට අධිකයි. දිනකට රුධිරය ලීටර් දාහකට අධික ප්‍රමාණයක් රෝගීන්ට පාරවිලයනය කරනු ලැබේ. සෑම තත්පර 30කටම වරක් ලංකාවේ කොහේ හෝ කෙනෙකුට රුධිර පාරවිලයනයක අවශ්‍යතාවක් ඇතිවේ. ජනතාවගෙන් 30% පමණ කොටසක් ලේ දන්දීමට අවශ්‍ය අවම සුදුසුකම් ඇතත් වාරිශිකව ලේ දන් දෙන්නේ 2%කටත් වඩා අඩු කොටසකි. රෝහලක ඇතුල්වන රෝගීන් හත් දෙනෙකුගෙන් එක් අයෙකුට ලේ දීමට අවශ්‍ය වනු ඇත ලේ පයින්ට් එකක් පාවිච්චියෙන් ජීවිත 3ක් දක්වා බේරා ගත හැක. අවුරුදු 18ට වැඩි 60ට අඩු නිරෝගී වැඩිහිටියෙකුට, හිමෝග්ලොබින්(Haemoglobin) 12 g/dLකට වැඩි නම් සෑම මාස හතරකටම වරක් ලේ පයින්ට් එකක් දක්වා පරිත්‍යාග කල හැක. ප්‍රධාන රුධිර වර්ග/ගණ හතරකි. (A, B, AB, O) ඒවා තවදුරටත් positive හෝ negative ලෙස Rh සාධකය (Rh factor) අනූව බෙදේ.
රතු රුධිරාණු සඳහා AB යනු සර්වප්‍රතිග්‍රාහකයෙකි; O negative යනු සර්වදායකයෙකි. පළමුව මෙසේ රුධිර වර්ග හතරක් ඇති බව හඳුනා ගන්නා ලද්දේ 1901දී වෛද්‍ය කාර්ල් ලෑන්ඩ්ස්ටයිනර් (Dr. Karl Landsteiner) විසිනි. එක් රුධිර ඒකකයක් එහි සංඝඨක (රතු රුධිරාණු, පට්ටිකා, රුධිර ප්ලාස්මාව, රුධිර ක්‍රයෝප්‍රෙසිපිටේට්) අනූව බෙදා වෙන් කර පාවිච්චිකල හැක. රතු රුධිරාණු ශරීර අවයව හා පටක වෙත ඔක්සිජන් ගෙන යයි. ඒවා රුධිර ස්ංසරණ පද්ධතිය තුල දින 120ක් පමණ ජීවත් වේ. පට්ටිකා ලේ කැටි ගැසීමට උදව් කරයි. රුධිර ප්ලාස්මාව යනු ජලය (90%), ප්‍රොටීන හා ළවණ අඩංගු ලා කහ පැහැති මිශ්‍රණයකි. එය මුලු රුධිර ප්‍රමාණයෙන් 55%ක කොටසකි. නීරෝගී ඇට මිදුලු නොනවත්වා දිගටම රතු රුධිරාණු, ප්ලාස්මාව හා පට්ටිකා සාදයි. සමහරක් සුදු රුධිරාණු වර්ග, රුධිර වාහිනියේ බිත්ති දිගේ ලිස්සා ගොස් බැක්ටීරියාවන් සොයා භක්ෂණය මගින් විනාශ කරයි. ආසාධනයන්ට විරුද්ධව සටන් කිරීමේදී සුදු රුධිරාණු පෙරමුණ ගනී. මුදල් ලබා දීමේ පොරොන්දු මත දෙන ලේ කිසිවිටක පාරවිලයනය සඳහා බාරගනු නොලැබේ.
දැන් අවශ්‍ය ලේ සංඝටකය පමණක් උකහා ගෙන අනික් ලේ නැවත දායකයා වෙතම ලැබෙන ඒපෙරසිස් (Apheresis) නම් වූ විශේෂිත ක්‍රමයක් ඇත.
දායක කරන ලද රතු රුධිරාණු සම්මත තත්ව යටතේ දින හතළිස් දෙකක් ගබඩා කොට තබා ගත හැක.
රුධිර පට්ටිකා දින පහක් පමණ සම්මත තත්ව යටතේ පවත්වා ගත හැක.
අධිශීත කල රුධිර ප්ලාස්මාව වසරක් පමණ පවත්වා ගත හැක.
සාමාන්‍ය රුධිර පාරවිලයනයක (Blood Transfusion) ප්‍රමාණය පයින්ට් 2-3 අතර වේ.
පිළිකා සඳහා ප්‍රතිකාර ලබන ළමයින්, අඩු වයසින් උපන් ළමයින්, හදවත් සැත්කම් වලට ලක්වන ළමයින්ට රුධිරය මෙන්ම පට්ටිකාද ඒ ඒ අදාල රුධිර වර්ගයෙන් අවශ්‍ය වේ.
රක්ත හීනතාවයෙන් පෙළෙන රෝගීන්ට රුධිර සෛල ප්‍රමාණය වැඩි කිරීමට රුධිර පාරවිලයනය යොදා ගත හැක.
තැලසීමියාව නම් ප්‍රවේණික රෝගය ලංකාවේ පුද්ගලයින් 2000කට පමණ ඇති අතර ඔවුන්ට මාස්පතා රුධිර පාරවිලයනයන් අවශ්‍ය වේ.
ලබා ගත් රුධිරය රෝගියෙකුට ලබාදීමට පෙර පරීක්ෂණ ගණනාවක් මගින් එම රුධිරය හානිකර නැති බව තහවුරු කරනු ලැබේ.
ලේ දන් දී නැති අයගෙන් 17% පවසන්නේ ඒ ගැන කිසිවිටකත් නොසිතූ බවත්, නොදැන සිටි බවත් ය. 15% ලේ දන් දීමට තමාට විවේකයක් නැති බව පවසයි.
ලේ දන් දෙන අය ඊට පෙළබීමට ප්‍රධානතම හේතුව ලෙස දක්වන්නේ, අනුන්ට උදව් කිරීමට ඇති කැමැත්තයි.
ලේ බැංකු බොහෝ විට O හා B ලේ වර්ග වල හිඟතාවයෙන් පෙළෙයි.
දුර්ලභම ලේ වර්ගය වන්නේ රෝගියෙකුට අව්ශ්‍ය විට බැංකුවේ නැති ලේ වර්ගයයි.
මිනිස් රුධිරය සඳහා වෙනත් කිසිදු ආදේශකයක් නොමැත.
ලේ දන් දෙන සෑම කෙනෙක්ම අවම වශයෙන් අවුරුද්දකට වාර තුනක් ලේ ලබා දුනහොත් බැංකුවල ලේ හිඟයන් දුර්ලභ සිද්ධි බවට පත් වනු නොඅනුමානයි. (දැනට සාමන්‍යය වාර දෙකයී
ලාංකීයයන් තවත් සියයට එකකින් ලේ දන් දෙන ප්‍රමාණය වැඩි කලොත්, ලේ හිඟයන් අතීත බියකරු සිහිනයන් පමණක් වනු ඇත.
වයස අවුරුදු 18 සිට වයස 60 වනතෙක් සෑම මාස හතරකටම වරක් ලේ දන් දුන්නොත් ඔබ ජීවිත කාලයේදී ගැලුම් 15.75 ලේ පරිත්‍යාග කොට තිබේ
රුධිර පරිත්‍යාග ක්‍රියාවලිය සැකෙවින්,
අතීත වෛද්‍ය තොරතුරු විමර්ෂණය
කෙටි සිරුර පරීක්ෂාව
රුධිර දායාදය
විවේකය හා සුලු ආහාරයක් ගැනීම.
ලේ දායක කිරීමට පමණක් ගත වන්නේ විනාඩි 15කටත් අඩු වේලාවකි. ඔබ පැමිණි වේලාවේ සිට ලේ දී පිට වනතුරු පැයක් පමණ ගත වේ.
ලේ පරිත්‍යාගයකින් පසුව පිටවූ දියර පැය කීපයක් ඇතුලත රුධිර සංසරණ පද්ධතියට එකතු වේ. රතු රුධිරාණු සති හතරක් ඇතුලත පෙර මට්ටමට පැමිණේ. පරිත්‍යාගයේදී වැය වූ යකඩ නැවත අවශෝෂණයට සති අටක් පමණ ගතවේ.
ලේ පරිත්‍යාගයෙන් ඒඩ්ස් හෝ වෙනත් බෝවන රෝග වැළඳීමේ කිසිදු හැකියාවක් නැත.
මිනිසෙකුගේ සිරුර තුල සාමාන්‍ය්යෙන් ලේ පයින්ට් 10 ක් පමණ ඇත. .

සිරුරේ බරින් 7% පමණ ලේ නිසායි.
අලුත උපන් දරුවෙකුගේ සිරුර තුල ලේ කෝප්පයක් පමණ සුලු ප්‍රමාණයක් ඇත.
ලේ පරිත්‍යාගයෙන් ඔබේ ශරීර ශක්තියට හෝ ජවයට කිසිදු හානියක් නොවේ.
ලේ පරිත්‍යාග කිරීමේ කඳවුරක් සංවිධානයට ඕනෑම අයෙකුට හෝ සංවිධානයකට ඍජුවම ජාතික ලේ පාරවිලයන සේවය සමග ස්ම්බන්ධ විය හැක.
මෙසේ සමාගම්, පාසැල්, පල්ලි/පන්සල් මගින් සාර්ඨකව සංවිධානය කරනු ලබන ලේ දන් දීමේ කඳවුරු මගින් ජාතික ලේ අවශ්‍යතාවයෙන් අඩකටත් වඩා සපිරේ.
ලේ පරිත්‍යාග කරන්නවුන් එය ස්ව කැමැත්තෙන්ම කරනු ලබයි.
ඔබත් හැකිනම් ඔබේ ජීවිතයෙන් පැයක් ලේ දන්දීමට ලබා දී තවත් ජීවිත තුනක් බේරා ගන්න!
ඔබට ලේ පරිත්‍යාග කිරීමට හැකි ක්‍රම -
1) ලේ ලබා ගැනීමේ පහසුකම් ඇති ජාතික ලේ බැංකුවකට හෝ ඒවායේ ශාඛාවකට ගොස් පරිත්‍යාග කිරීමෙන්
2) වසර පුරා රට පුරා සංවිධානය කරන ලේ දන් දීමේ කඳවුරු වලට සහභාගී වීමෙන්
3) Dialog දුරකථනයක් ඇත්නම් Blood සටහන් කොට 7777ට කෙටි පණිවිඩයක් (SMS) යැවීමෙන්
ජූනි 14වනදාට යෙදෙන ලෝක ලේ දන්දීමේ දිනය නිමිත්තෙන් මගේ පරිත්‍යාගයයි.
ආශ්‍රය,
National Blood Transfusion Service, Sri Lanka
WHO - World Blood Donor Day 2010
උපුටා ගැනිම ආරෝග්‍යා පරමා ලාභා වෙබි අඩවීයෙන්
තත්වය වැඩි කරයි. අවාසනාවකට අනතුරක් නැති රුධිරය නිසි වේලාවට ලබා ගැනීමේ පහසුකම්, ලේ අවශ්‍ය ලොව පුරා මිලියනයක පමණ ජනතාවකට අහිමි වී ඇත. ඔබ දැනසිටියාද? අවුරුද්දකට ශ්‍රී ලංකාවේ රුධිර පාරවිලයනයක් අවශ්‍ය පිරිස ලක්ෂ දෙකකට අධිකයි. දිනකට රුධිරය ලීටර් දාහකට අධික ප්‍රමාණයක් රෝගීන්ට පාරවිලයනය කරනු ලැබේ. සෑම තත්පර 30කටම වරක් ලංකාවේ කොහේ හෝ කෙනෙකුට රුධිර පාරවිලයනයක අවශ්‍යතාවක් ඇතිවේ. ජනතාවගෙන් 30% පමණ කොටසක් ලේ දන්දීමට අවශ්‍ය අවම සුදුසුකම් ඇතත් වාරිශිකව ලේ දන් දෙන්නේ 2%කටත් වඩා අඩු කොටසකි. රෝහලක ඇතුල්වන රෝගීන් හත් දෙනෙකුගෙන් එක් අයෙකුට ලේ දීමට අවශ්‍ය වනු ඇත ලේ පයින්ට් එකක් පාවිච්චියෙන් ජීවිත 3ක් දක්වා බේරා ගත හැක. අවුරුදු 18ට වැඩි 60ට අඩු නිරෝගී වැඩිහිටියෙකුට, හිමෝග්ලොබින්(Haemoglobin) 12 g/dLකට වැඩි නම් සෑම මාස හතරකටම වරක් ලේ පයින්ට් එකක් දක්වා පරිත්‍යාග කල හැක. ප්‍රධාන රුධිර වර්ග/ගණ හතරකි. (A, B, AB, O) ඒවා තවදුරටත් positive හෝ negative ලෙස Rh සාධකය (Rh factor) අනූව බෙදේ.
රතු රුධිරාණු සඳහා AB යනු සර්වප්‍රතිග්‍රාහකයෙකි; O negative යනු සර්වදායකයෙකි. පළමුව මෙසේ රුධිර වර්ග හතරක් ඇති බව හඳුනා ගන්නා ලද්දේ 1901දී වෛද්‍ය කාර්ල් ලෑන්ඩ්ස්ටයිනර් (Dr. Karl Landsteiner) විසිනි. එක් රුධිර ඒකකයක් එහි සංඝඨක (රතු රුධිරාණු, පට්ටිකා, රුධිර ප්ලාස්මාව, රුධිර ක්‍රයෝප්‍රෙසිපිටේට්) අනූව බෙදා වෙන් කර පාවිච්චිකල හැක. රතු රුධිරාණු ශරීර අවයව හා පටක වෙත ඔක්සිජන් ගෙන යයි. ඒවා රුධිර ස්ංසරණ පද්ධතිය තුල දින 120ක් පමණ ජීවත් වේ. පට්ටිකා ලේ කැටි ගැසීමට උදව් කරයි. රුධිර ප්ලාස්මාව යනු ජලය (90%), ප්‍රොටීන හා ළවණ අඩංගු ලා කහ පැහැති මිශ්‍රණයකි. එය මුලු රුධිර ප්‍රමාණයෙන් 55%ක කොටසකි. නීරෝගී ඇට මිදුලු නොනවත්වා දිගටම රතු රුධිරාණු, ප්ලාස්මාව හා පට්ටිකා සාදයි. සමහරක් සුදු රුධිරාණු වර්ග, රුධිර වාහිනියේ බිත්ති දිගේ ලිස්සා ගොස් බැක්ටීරියාවන් සොයා භක්ෂණය මගින් විනාශ කරයි. ආසාධනයන්ට විරුද්ධව සටන් කිරීමේදී සුදු රුධිරාණු පෙරමුණ ගනී. මුදල් ලබා දීමේ පොරොන්දු මත දෙන ලේ කිසිවිටක පාරවිලයනය සඳහා බාරගනු නොලැබේ.
Subscribe to:
Posts (Atom)