ලෝකයේ වෙසෙන මිටිම මිනිසා ලෙස නව ගිනස් ලෝක වාර්තාවට හිමිකම්කීමේ අවස්ථාව නේපාල ජාතික චන්ද්‍රා බහධූර් ඩෑන්ජීට හිමිව තිබේ. මීට පෙර මෙම වාර්තාවෙහි හිමිකාරිත්වය දැරූයේ ජුන්රේ බලාවින් නම් පිලිපීනන් ජාතිකයෙකි.ඔහු සෙන්ටිමීටර 59.9 ක උසකින් යුක්තය. නව වාර්තාවට හිමිකම් කියන 72 හැවිරිදි බහධූර් ඩෑන්ජි සිටගත් විට උස සෙන්ටි මීටර 55 ක් වන අතර ඔහුගේ ශරීර ස්කන්ධය කීලෝ ග්‍රෑම් 14.5 ක් වන බව ද වාර්තා වේ.
ඩෑන්ජී සිය සම්පූර්ණ ජීවිත කාලයම නේපාලයේ කත්මන්ඩු නුවරට බටහිරින් කීලෝමීටර 250 ක් පමණ එපිට පිහිටා තිබෙන රහිම්කොහිලි නම් අප්‍රසිද්ධ කඳුකර ගම්මානයක ගතකර ඇති බව සඳහන්ය.





0 comments:
Post a Comment